මාවුස්සාගොල්ල
විදු සෙවනට ඔබව ආදරයෙන් පිළිගනිමු.!

මුලින් අප පසු පස එන්න,
පසුව අප පසුකර යන්න..
සීත නමුණුකුල කඳු පන්තියට හා සුන්දර බඹරගල පතනට මායින්ව පිහිටි මාවුස්සාගොල්ල මහා විදුහල ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර අධ්‍යාපන කලාපයේ, පස්සර අධ්‍යාපන කොට්ටාශය තුළ පිහිටි 1 C වර්ගයේ පාසලකි. 1928 වර්ෂයේ සිට දහස් ගණනක් වූ සිසු දරුවන්ගෙ අනාගතය ආලෝකමත් කර ගැනීමට මග පෙන්වූ අප පාසල අදටත් නමුණුකුල කඳු පාමුල තේජාන්විතව බැබලෙමින් දැයේ දරුවන්ට යහ මග පෙන්වමින් සිටී.



















