විදුහල්පති පණිවිඩය
මාවුස්සාගොල්ල මහා විදුහල

ඌව පලාතේ පස්සර අධ්‍යාපන කලාපයේ පිහිටි වසර 94 ක සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියන දීප්තිමත් පාසලක් ලෙස අප විද්‍යාලය හැදින්විය හැකිය.
අධ්‍යාපනික මෙන්ම විෂය භාහිර හා විෂය සමගාමි ක්‍රියාකාරකම් වලදී ඉතිහාසය පුරාවටම ජයග්‍රහන රාශියක් අත්පත් කර ගැනීමට හැකිවීම සතුටින් සදහන් කරමි. වර් තමානය තුල ගෝලීය අවශ්‍යතාවන් වලට අනුගත වන අනාගත පුරවැසියා බිහිකිරීමේ ක්‍රියාවලිය තුල තාක්ෂණික සාක්ෂරතාවයට ලැබෙනුයේ සුවිෂේශි ස්ථානයකි.
"සයිබර් ලොවට පියාපත්" වැඩසටහන තුලදී ඌව පලාතේ ආන්තික පාසලක් වන අප පාසල ලෝකය හා මනා බැදීමක් ඇති කිරීමට දරන උත්සහය කෘතවේදිව අගය කරමි. විද්‍යාලයීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා සමස්ත පාසල් ප්‍රජාවම මෙම වැඩසටහන හා සම්බන්ධ වී ලබාගන්නා වූ නව්‍ය අත්දැකීම් පාසලේ ඉදිරි ගමනට මනා පිටුවහලක් වන බව නොරහසකි.
මෙම වැඩසටහන හරහා අප විද්‍යාලයීය ප්‍රගමනය උදෙසා අප හා අත්වැල් බැදගන්නා ලෙස සියළු දෙනාටම ගෞරවයෙන් ආරධනා කරමි.
ඔබගේ අදහස් යෝජනා හා සහයෝගය ඉතා ඕනෑකමින් අපේක්ෂා කරමි.
මෙම සුවිශේෂී වැඩසටහන හා සම්බන්ධ වූ සියළුම පාර් ෂවයන්ට මාගේ හෘදයාංගම ස්තූතිය පුදකරන අතර ඔවුන්ගේ අනාගතය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරමි.
W M තරංග කිත්සිරි බණ්ඩාර මයා
SLPS-2,
NCE Bd.Tec Co,
Dip in Tch (English) Pasdunrata NCOE,
BEd (NIE),
PGDEM (NIE),
MEd.Edu Mgt (NIE)