නියෝජ්‍ය විදුහල්පතිනි පණිවිඩය
මාවුස්සාගොල්ල මහ විදුහල

නිරන්තර වෙනස්වන ලොව අභියෝග ජයගනිමින්, අධ්‍යාපන ක්‍රියාවලියේ කොටස් කරුවෙකු ලෙස අප පාසල සුවිශේෂි මෙහෙවරක් පස්සර කලාපයේ, මාවුස්සාගොල්ල ප්‍රදේශයේ දරුවන්ට ඉටු කරති.
යහපත් වූත් ලොවට වැඩදායි වූත් දරු පරපුරක් බිහි කිරීම මුඛ්‍ය පරමාර්ථය කරගනිමින් පොදු සමාජ අරමුණු හා ගෝලීය අපේක්ෂණ තෘප්ත කිරීමට අප පාසල නිරන්තර කැපවෙමින් කටයුතු කරයි.
දිනෙන් දින අප පාසල කලාප, පලාත්, ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබමින් විශිෂ්ඨත්වය කරා ගමන් කිරීමේදී සංනිවේදන තාක්ෂණ කුසලතා ක්ෂේත්‍රය සංවර්ධනය වෙමින් විවිධ පාර්ශව සමඟ සබඳතා ගොඩ නගමින් පාසල ඉහල තලයකට ඔසවා තැබීමට අප පාසලේ වෙබ් අඩවිය වැදගත් කාර්‍යයක් ඉටු කරනු ඇතැයි මාගේ විශ්වාසයයි.
අප පාසලේ උන්නතිය උදෙසා සියළු දෙනා පාසල් වෙබ් අඩවිය සමඟ එක්වෙන ලෙස ඇරයුම් කරමින් මෙම කාර්‍යය සාර්ථකව ඉටුකිරීමට කැපවුණු සැමට තුති පුද කරමින්, 21 වන සියවසේ අභියෝග ජයගනිමින් අප පාසල දිනෙන් දින බැබලේවායි පතමි.
නියෝජ්‍යය විදුහල්පතිනිය (අධ්‍යාපන සංවර්ධන)
බ/මාවුස්සාගොල්ල මහා විද්‍යාලය