බ/මාවුස්සගොල්ල මහා විදුහලේ 1928.03.30 වන දින රත්නමාලි මහා විදුහල නමින් ආරම්භ කරන ලදී. අප පාසලේ නිර්මාතෘ පිළිබද තොරතුරු සොයාගැනීමට අපහසුය. පාසලේ පැරණි සටහන් වලද නිර්මාතෘ පිළිබද හැදින්වීමක් සොයා ගත නොහැකිය.අප පාසල් ආරම්භ වී තිබෙන්නේ 1928.03.30 උවත් පළමු විදුහල්පති අප පාසලට වැඩ බාරගෙන පැමිණ තිබෙන්නේද 1928.11.26 දිනය. මෙතුමා නමින් G.T.රත්නායක. මොහු පාසලට පැමිණීමෙන් පසුව පාසලේ වාර්තා ලියවී තිබේ.මෙම වාර්තා අනුව මුල්ම ශිෂ්‍ය සංඛ්‍යාව 11 දෙනෙකු විය. අප පාසලේ මුල්ම ශිෂ්‍යා W.M.පුංචිබණ්ඩා නම් විය. මෙම වාර්තා අනුව පාසලේ 1928 වර්ෂයේ ගුරුවරු සංඛ්‍යාව 1 ක් බව සදහන් වේ.
පාසලේ ප්‍රථම සිසුවා වු W M පුංචිබණ්ඩා මහතා 1928.07.28 වර්ෂයේ දී අධ්‍යපනය ලැබිම සඳහා පාසට අතුලත් වු අතර ඔහුගේ ප්‍රථම ගුරුවරයා වුයේ ලුණුගල රත්නායක මහතාය.

පාසලේ ප්‍රථම සිසුවා වු W M පුංචිබණ්ඩා මහතා

පාසල තුල වර්ථමානයේ දෙමහල් ගොඩනැගිල්ල අසල පිහිටා ඇති බුදුමැඳුර 1965.08.17 ඉදිකර තිබු අතර ඒවකට පාසලේ විදුහල්පති තුමා වු K A A වනසිංහ මහතා සහා ගුරු මණ්ඩඩලය,දෙමාපියන් හා සිසුන් ඉහත ජයාරූපය තුල දැක ගැනිමට අවස්ථාව හිමි වේ.