1928 මාර්තු 30 වන දින ළමුන් 5 දෙනෙකුගෙන් තාවකාලික ගොඩනැගිල්ලක ආරමිභ කරන ලද බ/මාවුස්සාගොල්ල විද්‍යාලයේ මුල්ම විදුහල්පති වුයේ ජී ටි රත්නායක මහාතාය.අද වන විට විද්‍යාලයේ 19 වෙනි විදුහල්පතිවරයා සේවය කරන අතර අ.පො.ස උසස් පෙළ කලා අංශයේ ඉගෙනුමි ඉගැන්විම සිදු කරන පස්සර අධ්‍යපන කලාපයේ පිහිටි සුවිශේෂි පාසලකී.මේ වන තෙක් විදුහල්පතිවරුන් 19 දෙනෙකු මෙම විද්‍යාලයේ සේවය කර ඇත. පාසලේ දියුණුවට වරින් වරට බලයට පත් රජයන් හා සුභපතන්නන් විමින් භෞතික සම්පත් ලබාදීම සිදුකර ඇත.වර්ථමානය වන විට පෝෂක ප්‍රදේශයේ සිසුන්ගේ ප්‍රමාණාත්මක අඩු විම පාසල මුහුණ දෙන ප්‍රධානම අභියෝගය වේ.දැනට පාසලේ 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන මිශ්‍ර පාසලකි.

වර්තමානය වන විට සිසුන් 210 කගෙන් සමන්විත පාසල අධ්‍යන කාර්ය මණ්ඩලය 24 දෙනෙකුගෙන් සහ අනධ්‍යන කාර්ය මණ්ඩලය 9 දෙනෙකුගෙන් සමන්විතය.දෙමහල් ගොඩනැගිල්ලකින් සහ රුස්විමි ශාලාවක් විද්‍යගාරයක්, පරිඝණක කාමරයක්, සෞන්දර්ය කාමරයක් ,පංති කාමර සහ කාර්යාලය සහිත ගොඩනැගිල්ලකින් ද පාසල සමන්විත වේ. වර්තමානය වන විට පාසල සතු භුමි ප්‍රමාණය අක්කර 1 රූට් 1 පර්චස් 34 වේ.තව දුරටත් පාසල සතුව සුහුරු පංති කාමරයකින්ද, පුස්තකාලය, එළිමහන් පංති කාමර සමන්විත වේ.
-
1928 .03.30 වන දින පස්සර ප්‍රදේශයේ මාවුස්සාගොල්ල ගම් පියසේ බ/මාවුස්සගොල්ල මහා විදුහල ආරම්භ කරන ලදී.
-
බ/මාවුස්සගොල්ල මහා විදුහලේ 1928.03.30 වන දින රත්නමාලි මහා විදුහල නමින් ආරම්භ කරන ලදී.
-
අප විදුහලේ මුල්ම ශිෂ්‍ය සංඛ්‍යාව 11 දෙනෙකු විය.
-
අප විදුහලේ මුල්ම පන්ති කාමරය මැටි වලින් සහ උළු සෙවිලි කර සාදා ඇත.
-
අප පාසලේ මුල්ම ශිෂ්‍යා W.M.පුංචිබණ්ඩා නම් විය.
-
1928 වර්ෂයේ අප පාසලේ ගුරුවරු සංඛ්‍යාව 1 කි.
-
මේ වන විට අප පාසලේ ගුරු නිවාසය කාමර දෙකකින් හා මුළුතැන්ගෙයකින් සමන්විත වී තිබුණි.
-
1956.07.25 දින අප පාසලට උප ගුරුවරයෙක් පත් විය.
-
1986.01.29 දින පුස්තකාල ඉදි කිරීම .
-
1987.11.18 දින විද්‍යාගාරය සහ ගෘහවිද්‍යාගාරය ආරම්භ කිරීම සහ පාසලට විදුලි බලය ලබා ගැනීම සිදු විය.
-
1987.12.02 දින ඉංග්‍රීසි භාෂා දිනය සාර්ථකව සැමරිණි සිදු විය.
-
1988.03.22 දින කෘෂි විද්‍යා උපදේශවරයකු මුල්වරට පැමිණීම සිදු විය.
-
1988.03.30 විවිධ ප්‍රසංගයක් පැවැත්වීම සිදු විය.
-
1988.06.22 මුල්වරට ශිෂ්‍ය නායක මණ්ඩලයක් පත් කිරීම සිදු විය.
පසුගිය වර්ෂ 94 ක කාලයක තොරතුරු විමර්ශනය කිරීමේ දී, හඳුනා ගත හැකි වන්නේ මෙම පාසලේ අධ්‍යාපන ප්‍රතිඵල, භෞතික සම්පත්, මානව සම්පත් සංවර්ධනය ක්‍රමයෙන් සංවර්ධන වි ඇති බවයි.එහෙත් පාසලේ ශිෂ්‍ය ගහණයේ කැපි පෙනන අඩුවක් දක්නට ලැබෙි
වර්තමානයේ පාසල ගමන් කරන දිශාව.
වර්තමානයේ පාසල ගමන් කරන දිශාව තීරණය කිරීම සඳහා අංශ කිහිපයක් යටතේඅධ්‍යනයන් සිදු කල හැකිය.
-
අධ්‍යාපන ප්‍රගතිය
-
භෞතික සම්පත් ප්‍රගතිය
-
විෂය සමගාමී ක්‍රියාත්මක කිරීම
-
මානව සම්පත් සංවර්ධන ප්‍රගතිය
යන අංශ කෙරෙහි අවධානය යොමු කරමින් වර්තමානයේ පාසල ගමන් කරන දිශාව පිළිබඳව අධ්‍යනයක යෙදීම සඳහා මිනුම් උපකරණ කිහිපයක් යොදා ගනිමින් නිගමනයකට එළඹීමට අදහස් කලෙමි.
-
ඇගයීම් වාර්තා (අභ්‍යන්තර / බාහිර)
-
අධ්‍යාපන ගුණාත්මක දර්ශකය
-
පසුගිය වර්ෂ කිහිපය තුළ පාසල අත් කරගත් ජයග්‍රහණ
-
තක්සේරු වාර්තා
-
ගුණාත්මක තහවුරුව පිළිඹඳ දත්ත වාර්තා විශ්ලේෂණය
අධ්‍යාපන සංවර්ධනය අතින් ශිෂ්‍යත්වප්‍රතිඵල වලින් ඉදිරියෙන් සිටින පාසලක් වන මෙම විදුහලෙහි විෂය සමගාමී ක්‍රියා දරුවන් වෙනුවෙන් ආරම්භ කර ඇත.
|
ආරම්භ කළ වර්ෂය |
1928 මාර්තු 30 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
11 |
|
මුල් ගුරුතුමාගේ නම |
ජී.ටි.රත්නායක මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ මුල් නම |
රත්නමාලි මහා විදුහල |
|
පාසල පැවැත්වූ ස්ථානය |
පාසැල දැනට පිහිටි ස්ථානයේම මුල්වරට පාසැල පැවැත් විණි. |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
W.M.පුංචිබණ්ඩා |
| මුල්වරට ශිෂ්‍ය නායක මණ්ඩලයක් පත් වර්ෂය | 1988 ජූනි 22 |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1928 වර්ෂයේ |
